නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහි ජනතා පෙත්සමOnline Petition
unions lanka Sri Jayewardenepura Kotte

නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහි ජනතා පෙත්සමOnline Petition

3650 people have signed this petition. Add your name now!
unions lanka Sri Jayewardenepura Kotte
3650 people have signed. Add your voice!
37%
Maxine K. signed just now
Adam B. signed just now

ගරු ජනාධිපති,

ගෝඨාභය රාජපක්ෂ ,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ.


ජනාධිපතිතුමණි,

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ කිසිදු කොටසක් අයෝජකයන්ට ලබා නොදෙන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ වහාම රටට ප්රතිඥා දියයුතුයි

ජනතා පෙත්සම

වරායක් යනු රටකට මහා ධන උල්පතකි. නමුත් අප රට තුල වරායන් 07ක් පිහිටා ඇති නමුත් ආර්ථික වශයෙන් සහ ජාතික ආරක්ෂාවට අදාලව ද වැදගත් කමක් සහිත වරායන් කිහිපයේම පූර්ණ අයිතිය අප සතුකරගැනීමට කටයුතු කරනවා වෙනුවට මෙතෙක් රට පාලනය කළ සියලූ පාලකයන් කටයුතු කර ඇත්තේ ඒවා විවිධ නාමකරනයන් ඔස්සේ ආයෝජකයන්ට පවරා අවසානයේ රටට ඇති අයිතිය අහිමි කිරීමටය. ඔබතුමා බලයට පැමිණියේ එවැනි අයිතීන් රටට තහවුරු කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට පවරා දීම සඳහා ඔබතුමාගේ සහ අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා යෝජනාවක් සම්මත කිරීම රටට කොතරම් හතුරු කි්රයාවක් ද යන්න මේ වන විට නැගෙනහිර පර්යන්තය රැුකගැනීම සඳහා ඒකරාශිවී ඇති වරාය සේවකයන් එහි වෘත්තීය සමිති මෙන්ම රටපුරා විසිරී පවතින ප්රබලම වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන ද පොදු මහජනතාව ද සාක්ෂි දරණු ඇත.

ජනාධිපතිතුමණි,

මහබැංකුව පවසන පරිදි රට තුල දැවැන්ත ආර්ථික කඩා වැටීමක් පවතී. එහි ප්රධානතම ගැටළුවක් වන්නේ අප රටට ඩොලර් ආදායම් නොලැබීමයි. නැගෙනහිර පර්යන්තය යනු රටට ඩොලර් ආදායම් උපයන මහ ධන උල්පතකි. නැව් ගමනාගමනයේ අනාගත ක්රියාකාරිත්වයට අනුව ලෝකයේ විශාලතම නැවි නැගෙනහිර පර්යන්තයට පැමිණිමට හැකි වන ආකාරයට වරාය අධිකාරිය මගින් ශ්ර්රි ලංකේය ඉංජිනේරුවන්ගේ සහ අනිකුත් ශිල්පීන්ගේ දායකත්වයෙන් ගොඩනගා ඇත. ඒ අනුව ඉදිරියේ දී අප රටට විශාල වශයෙන් ඩොලර් ආදායම් වරායෙන් ලබාගත හැකි බව ඕනෑම කෙනෙකුට වටහාගැනීම අපහසු නැත.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටසක් අයෝජනයට යැයි පවසා එහි අයිතිය රටට අහිමි කිරීමට ඔබ ආණ්ඩුව තීන්දු ගැනීම අප කිසිසේත් අනුමත නොකරන අතර, එයට විරෝධයද පලකරන්නෙමු. කරුණු මෙසේ හෙයින්, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කිසිදු කොටසක් කුමන ආකාරයේ හෝ ආයෝජකයන්ට ලබා නොදී එය වරාය අධිකාරිය යටතේ ඩොලර් ආදායම් උපයන මධ්යස්ථානයක් බවට පත්කොට එහි පූර්ණ අයිතිය අප රට සතුව පැවතිය යුතු බව තරයේ විශ්වාස කරන අප පහත අත්සන් තබමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කිසිදු කොටසක් ආයෝජකයන්ට නොදෙන බවට ඔබතුමා ප්රතිඥාවක් වහාම රටට ලබා දියයුතු බවයි. එසේ කරන ලෙස අවධාරනය කරමින් මෙම ජනතා පෙත්සමට මාගේ අත්සන ස්වකැමැත්තෙන් යොදන්නෙමි.

Share for Success
3650

Signatures

contribute iPetitions
iPetitions is powered by everyday people — not corporations. With nearly 50 million signatures, we've helped spark change in local communities across the globe. We don't take corporate money. We rely on people like you.
Support iPetitions. Help keep us independent and make real change. Help us stay independent. Every dollar helps.
Processed by Paypal and Stripe.
Enter your details on the next page
iPetitions is powered by everyday people — not corporations. With nearly 50 million signatures, we've helped spark change in local communities across the globe. We don't take corporate money. We rely on people like you.