Skip to main content
ආයුර්වේද, සිද්ධ හා යුනානි උපාධිධාරී සීමාවාසික පුහුණුව

ආයුර්වේද, සිද්ධ හා යුනානි උපාධිධාරී සීමාවාසික පුහුණුව

130 signatures 120 to reach 250
F
Fathima R. signed
M
MIP K. signed
S
Someone signed
S
Someone signed
S
Sewwandi F. signed
S
Samadhi M. signed
M
Menik M. signed
K
Kavindi A. signed
M
Mahesh J. signed
N
Nisal J. signed
S
Started by SLAPA 1 year ago

ආයුර්වේද, සිද්ධ හා යුනානි උපාධිධාරීන්ගේ සීමාවාසික වෛද්ය පුහුණුවේ ප්රමාදය

ශ්රී ලංකාවේ ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්ය ක්රම සහ දේශීය වෛද්ය ක්රම පිළිබඳ ඉහළම මූලික අධ්යාපන සුදුසුකම වන ලංකාවේ දීර්ඝතම උපාධි වලින් කිහිපයක් වන BAMS, BSMS, හා BUMS යන ත්රිත්වය හැදෑරූ උපාධිධාරීන් මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණු පා ඇත.

වෛද්ය උපාධියක් සම්පූර්ණ කළ පසු සීමාවාසික පුහුණුවක් ලැබීම ලෝක සෞඛ්ය අධ්යාපනයේ නිර්ණායකයක් වේ. එමෙන් ම වෛද්යවරයෙකු ලෙස ලියාපදිංචි වීමට නම් මෙම සීමාවාසික පුහුණුවට අදාළ කාලය නිසි ලෙස සම්පූර්ණ කළ යුතු වේ. සීමාවාසික පුහුණුව සම්පූර්ණ නොකරන ලද ඉහත උපාධිධාරීන්ට ආයුර්වේද වෛද්ය සභාවේ වෛද්යවරයෙක් ලෙස ලියාපදිංචිය ලබා දීම සිදු නොකෙරේ.

මේ වනවිට ආයුර්වේද වෛද්යවරුන් 2000 කට ආසන්න ප්රමාණයක් රජයේ පත්වීම් නොලැබ සිටිය ද පෞද්ගලික සේවය ඔස්සේ ශ්රම සහ බුද්ධි බලකායට එකතුව ශ්රී ලංකාවේ ආර්ථිකයට සක්රීයව දායක වෙමින් සිටිති.

නමුත් වසර පහක උපාධියක් සම්පූර්ණ කරන ලද වෛද්ය උපාධිධාරීන් 300 කට අධික පිරිසක් සීමාවාසික පුහුණුව ලැබීමට නොහැකිව ගැටළු රාශියක මුහුණ පාමින් සිටිති. මේ වනවිටත් ඔවුන් උපාධිය සම්පූර්ණ කර මාස 8 කට අධික කාලයක් ගත වී ඇත.

වයස අවුරුදු 27-30 අතර ජීවිතයේ වැදගත් ම අවධියක් පසුකරමින් සිටින තරුණ උපාධිධාරීන් 300 කට අධික ප්රමාණයකට මෙම සීමාවාසික පුහුණුව නොමැතිකම නිසා වෘත්තියක නිරත වීමට නොහැකි වී තිබේ. ඔවුන්ට වෛද්ය වෘත්තියේ නිරත වීමට නම් ආයුර්වේද වෛද්ය සභාවේ ලියාපදිංචිය අනිවාර්යය වන අතර ඒ සඳහා සීමාවාසික පුහුණුව අනිවාර්යය වේ.

වඩාත් ගැටළුකාරී කාරණය නම් මෙම කණ්ඩායම ප්රමාද වීමට සමාන්තරව උපාධිය හදාරනු ලබන සියලු වෛද්ය ශිෂ්යයින්ගේ සීමාවාසික පුහුණුව කල් යෑම සිදු වීමයි.

එබැවින්, තරුණ උපාධිධාරීන්ගේ ජීවිත විනාශ කෙරෙන මෙම සීමාවාසික පුහුණුව ඉක්මණින් ලබා දීමට බල කෙරෙන මෙම පෙත්සම සඳහා ඔබේ දායකත්වයත් ගෞරවයෙන් යුතුව බලාපොරොත්තු වෙමු.

- ආයුර්වේද වෘත්තිකයින්ගේ සංගමය -

35 Comments

R
Rhythma Thamel
1 year ago Featured

Do the needful to shedule a planned internship properly to take batches every year

L
Linusha Nadeshan
1 year ago Featured

Delayed intern is delaying our future also So expected that our internship will be started on this October

D
Dinushi Hansani Dharmasooriya
1 year ago Featured

අධ්‍යාපනය වෙනුවෙන් වසර ගණනක කැපකිරිම් සිදුකරන වෛද්‍ය ශිෂ්‍යන්ට එහි ප්‍රතිඵල නෙලාගෙන ලංකාව තුළ වෘත්තිමය ජිවිතේ ආරම්භ කිරිමට අත්‍යවශ්‍ය වන සීමාවාසික පුහුණුව දිගින් දිගටම මෙලෙස කල් යෑමෙන් සිසුන්ගේ ජිවිත අස්ථිර තත්වයක පවති. ඔවුන්ට තම වෘත්තිමය ජිවිතය ආරම්භ කිරිමට අවශ්‍ය සීමාවාසික පුහුණුව කඩිනමින් ලබා දිය යුතුයි.

A
A Dassanayake
1 year ago Featured

Please take the needful action to expidite the internship for all who have completed the BAMS degree, without the SLAMC registeration unable to practice as Ayurveda doctors. Please kindly expidite this important concern.

S
sharmila perera
1 year ago Featured

In government service we are facing huge problams on providing health facilities for the patients due to lack of the staff. I think interns may help us to overcome these problems

K
Kawindya Sathsarani
1 year ago Featured

අවුරුදු ගානක් කැප කරලා අවසානයේ එකේ ප්‍රතිඵල භුක්ති විඳින්න දෙන්නෙ නැති හැබැයි හොර කට්ටඩි, කපුවෝ වගේ පිරිසට වෙදකම් කරන්න ඉඩ දෙන එක නවතින්න ඕනේ.

S
Samadhi Mahesha Mihiwanthi
1 year ago

Give internship soon.

S
Sankaja
1 year ago

Agreed

Help this petition grow

Share it with friends to help reach 250 signatures.

Your share link

Share directly