Skip to main content

Status: Closed — this petition is no longer accepting signatures.

පැරණි නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන්ට සිදූ වූ අසාධාරණය!!!

පැරණි නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන්ට සිදූ වූ අසාධාරණය!!!

Closed — 19 supporters Verified

Final supporters

K
kasuni s.
D
DININDU E.
S
Someone
R
roshanamuthuwan
Y
Yasitha S.
S
Someone
D
D.R G.
W
W.P.N.C.Warnakula
H
hasantha n.
S
Senaka B.
+9 more
Started by Anonymous 14 years, 3 months ago
2011 අපොස උසස් පෙළ විභාගය විශය නිර්දේශයන් දෙකක් යටතේ පැවැත්විණ. නමුදු ප්‍රතිඵල නිකුත් කිරීමේදී ප්‍රතිඵල නිකුත් කළ යුතු ආකාරය පිළිබඳව බොහෝ මතවාද ඇතිවිණ. කල් මැරීමේන් අනතුරුව නිර්දේශයන් දෙක සඳහාම පොදු Z ලකුණක් ලැබිණ. එහෙත් පසුව එම Z ලකුණට එරෙහිව සිසුන් 16 දෙනෙක් ලංකා ගුරු සංගමය හරහා එක්ම නඩු මඟට බැසීමෙන් අනතුරුව නිර්දේශන් දෙක සඳහා වෙන වෙනම Z ලකුණු ලබා දෙන ලෙසට අධිකරණය නියෝග කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දා නිකුත් වූ නව Z ලකුණු අනුව පැරණි නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන්ට අඩු අගයකුත් නව නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන්ට වැඩි අගයකුත් ලැබිණි. එහෙත් වඩාත් හාස්‍යජනක සිදුවීම වන්නේ නිර්දේශයන් දෙක සඳහා වෙන වෙනම කුසලතා නිකුත් කරනු වෙනුවට තනි කුසලතාවක් නිකුත් කිරීමයි. මෙලෙස තනි කුසලතාව පදනම් කරගෙන විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩයිම් ලකුණු නිකුත් කළහොත් පැරණි නිර්දේශයෙන් මුහුණ දුන් සිසුන්ට වනුයේ බරපතල අසාධාරණයකි. එම නිසා මේ වන විට උද්ගත වී ඇති අර්බුදය හමුවේ ලබා දිය හැකි වඩාත්ම සාධාරණ විසඳුම  සඳහා බලධාරීන්ගේ අවධානය යොමු කිරීමේහිලා ඔබ සෑම දෙනාගේම සහයෝගය අපේක්ෂා කරමු!

2 Comments

K
Kasun Pierce
14 years ago Featured

මේක හරිම අසාධාරණයි. පැරණි නිර්දේශයේ ළමයින්ට මේ විදිහට සලකන එක වැරදියි. වහාම මේකට විසඳුමක් දෙන්න ඕනේ.

D
Dilini Bello
14 years ago Featured

ඇයි මෙහෙම කරන්නේ අපේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න එපා. දෙපිරිසටම සාධාරණයක් ඉටු වෙන්න ඕනේ ඇත්තටම මේක හරිම පීඩාවක්.