NCT සහ NCIT සමත්ව රාජ්‍ය / රාජ්‍ය නොවන ආයතන තුල සේවයේ නියුතු නිළධාරීන් හට සිදුව ඇති අසාධාරණයට පිළියම් සෙවීම.
වසර සියයකටත් අධික කාලයක සිට ශ්රී ලංකා තාක්ෂණ විද්යාල තුලින් රටට දක්ෂ තාක්ෂණික වෘතිකයන් බිහිකල NCT සහ NCIT පාඨමාලා ධාරීන් අවුරුදු 25කටත් අධික පළපුරුද්දකින් හෙබිව දැනටත් රාජ්ය සහ රාජ්ය නොවන ආයතන තුල රාජකාරියේ නියැලෙමින් සිටී.එහෙත් TVEC ආයතනය ආරම්භකර NVQ පාඨමාලා හදුන්වා දුන් පසුව NCT,NCIT සහතික පත්ර ලාභීන් හට තිබුණු පිළිගැනීම අහිමිව ගොස් ඇතත් තවමත් ඔවුන් මනා පලපුරුද්දකින් යුතුව සේවයේ නියුතුව සිටී.
එහෙත් යම් යම් රාජ්ය චක්රලේඛණ මඟින් බඳවා ගැනීම් සහ උසස්වීම් පටිපාටිය තුලට NVQ සුදුසුකම් ඇතුලත් කිරීම හේතුවෙන් NCT සහ NCIT පාඨමාලා සමත්ව බඳවාගත් වෘතිකයන් අතරමන්ව සිටී.
TVEC ආයතනය මඟින් NCT,NCIT සමතුන් හට NVQ Level 5 ලබාදීමට ක්රමවේදයක් සකස්කර ඇතිමුත් එය ඉතාමත් අසාධාරණ පිළිවතකට අනුව සිදුවන්නකි.
රජයේ දෙපාර්තමේන්තුවක් තුලම පාඨමාලාවක් හදාර ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් අවසන් පරීක්ෂණයද සමත්ව එම දෙපාර්තමේන්තුව මඟින් ලබාදුන් සහතික පත්රද හිමිව රාජ්ය අංශයේම තාක්ෂණ නිළධාරී තනතුරු ලබාදී අවුරුදු 25ක් පමණ ඉක්ම ගොස් විශ්රාම යාමට ආසන්න නිළධාරීන් හටද නැවත මූලික විභාගයක් පවත්වා රුපියල් 25000.00ක පමණ මුදලක් ලබාගන viva පරීක්ෂණයක් පවත්වා සුදුසුතාවය පරීක්ෂා කර level 5 ලබා දීම එම ක්රමවේදයයි.නමුත් තමන් රාජකාරි කරනුලබන ක්ෂේත්රයෙන් පිට ප්රශ්ණ අසා ඔවුන් අසමත් කිරීම ඉතාම හාස්යට කරුණකි.අවුරුදු 5ත් 25ත් අතර මනා පලපුරුද්දකින් හෙබි නිළධාරීන් මෙසේ පරීක්ෂාකර අසමත් කිරීමෙන් ඔවුන් පවසන්නෙ එම වෘතිකයින් සේවයට නුසුදුසු බවද?
එතරම් දීර්ඝ කාලයක් ඔවුන් සිදුකල සේවාව නිශ්ඵල බවද?
තවද මෙම viva පරීක්ෂණ සඳහා TVEC ආයතනය මඟින් රජයේ මුදල් වියදම් පරීක්ෂකයින් කැදවන්නේ කුලී පදනම මතය. ඒ, එම ආයතනය තුල ඒ සඳහා සුදුසුකම් ලත් නිළධාරීන් නොමැති බැවිණි.
යම්හෙයකින් රාජ්ය බඳවා ගැනීමේ පටිපාටි හෝ සුදුසුකම් පරීක්ෂා කිරීමේ ක්රමවේදය නවීකරණය වූවේනම් ඔවුන් සිදුකල යුත්තේ පැරණි විෂය නිර්දේශය නව විෂය නිර්දේශය හා සසඳා බලා එම පෙර විෂය නිර්දේශ සමත් අයවලුන් හට සුදුසුතා සහතිකපත් නිකුත් කිරීම නොවේද?රාජ්ය චක්රලේඛණ 46/90ට අනුව NCT සමත්ව අවුරුදු 5ක වෘතීය ඵලපුරුද්දෙන් යුත් වෘතිකයන් හට NDT සහ HND පාඨමාලාවන්ට සමාන කිරීම සිදුකර ඇත.එනම් NVQ Level 6ට සුදුසුකම් සමාන වීමයි.නමුත් එම චක්රලේඛයද පිළි නොගනිමින් TVEC ආයතන පරිපාලනය තම අභිමතයට කටයුතු කිරීම ඉතා ප්රශ්ණකාරී වේ.
ඉතාම විහිළුජනක සිදුවීමනම් TVEC ආයතනය මගින් level 5 පාඨමාලා හදාරණ සිසුන් පුහුණුවීම් සඳහා යොමු කරන්නේ දැනට රාජකාරියේ නියුතු NCT සහ NCIT මඟින් බඳවාගත් පුහුණු නිළධාරින් වෙතට වීමයි.
TVEC ආයතනයේ වගකිවයුතු නිළධාරීන් පවසන්නේ NCT පාඨමාලාව කිසිදු ප්රයෝජනයක් නොමැති පාඨමාලාවක් බවයි.අපගේ ඉල්ලීම අපහට NCT සහ NCIT සහතිකපත්ර සහ සේවාකාලය පරීක්ෂාකර තහවුරු කිරීමකින් සුදුසුතාවය අනුව NVQ Level 5 හෝ Level 6 සුදුසුතාවය ලබාදෙන ලෙස හෝ නැවතත් NCT/NCIT පාඨමාලාවන් සමත් වූවන් හට පෙර තිබූ පිළිගැනීම ලබා දී චක්රලේඛයට අනුව NDT සමානතාවය ලබාදෙන ලෙසයි.
මෙම අසාධාරණයට විරුද්ධව ඔබත් නැගීසිටින්න මෙම පෙත්සම අත්සන් කරන්න.
ස්තූතියි.
NCT සහ NCIT සමතුන්ගේ සමූහය
Updates
Reached 100 supporters
August 13, 2025
280 Comments
It will be helpful, if diploma level could be offered by even charging fair and reasonable document and handling charge. Without and exam.
There are children who did NCT before they did A/L, and there are children who did NCT before they did Level 4. It's sad that they have no way to pursue higher education beyond that.
NVQ Level 6 should be given to those who have passed NCT and NCIT. Do not allow conflicts between corrupt government officials and government institutions to create difficulties for NCT students.
NCED 2005 NCT (Civil) 2006/08 NCT (Qs) 2010/12 2006 to 2009 Private Firm 2009 to 2018 Draughtsman SL Army 2018 to Present Works Supervisor University of Ruhuna Total working experience 19 years
NCT ELECTRICAL & ELECTRONIC 2011-2013 I working as a electrical Superintendent in Wimalasurendra Powerstation.please consider our suggestions to give to us NVQ level 6
NCT (QS) With 21 Years Experiences. 6 years Assistant Quantity Surveyor Post & 15 Years Technical Officer Post
Nct
Sign Petition
We never post to your account. Social sign-in is used only to verify your signature.
Add a comment?
Your signature will be added via . Tell others why you're signing — it's optional.
By signing, you accept iPetitions Terms of Service and Privacy Policy.
Share Petition
Don't stop at signing, share the petition link with friends to multiply our impact
Copy link or share directly

NCT සහ NCIT සහතිකපත්ර සහ සේවාකාලය පරීක්ෂාකර තහවුරු කිරීමකින් සුදුසුතාවය අනුව NVQ Level 5 හෝ Level 6 සුදුසුතාවය ලබාදෙන ලෙස හෝ නැවතත් NCT/NCIT පාඨමාලාවන් සමත් වූවන් හට පෙර තිබූ පිළිගැනීම ලබා දී චක්රලේඛයට අනුව NDT සමානතාවය ලබාදෙන්න.
It will be helpful, if diploma level could be offered by even charging fair and reasonable document and handling charge. Without and exam.
There are children who did NCT before they did A/L, and there are children who did NCT before they did Level 4. It's sad that they have no way to pursue higher education beyond that.
NVQ Level 6 should be given to those who have passed NCT and NCIT. Do not allow conflicts between corrupt government officials and government institutions to create difficulties for NCT students.
NCED 2005 NCT (Civil) 2006/08 NCT (Qs) 2010/12 2006 to 2009 Private Firm 2009 to 2018 Draughtsman SL Army 2018 to Present Works Supervisor University of Ruhuna Total working experience 19 years
NCT ELECTRICAL & ELECTRONIC 2011-2013 I working as a electrical Superintendent in Wimalasurendra Powerstation.please consider our suggestions to give to us NVQ level 6
NCT (QS) With 21 Years Experiences. 6 years Assistant Quantity Surveyor Post & 15 Years Technical Officer Post
Nct
Help this petition grow
Share it with friends to help reach 500 signatures.
Sign Petition
We never post to your account. Social sign-in is used only to verify your signature.
Add a comment?
Your signature will be added via .
Tell others why you're signing — it's optional.
Signing with Google or Facebook verifies your signature instantly — no email needed.
By signing, you accept iPetitions Terms of Service and Privacy Policy.
Share Petition
Don't stop at signing, share the petition link with friends to multiply our impact
Petitions like this
Other petitions you might want to support
Make your voice count today!
Scan to share
Anyone who scans this can sign the petition.