Say NO to Arjuna Mahendran
Why we "Say NO to Arjuna Mahendran"
Anti-corruption Front (ACF) commenced "its Say No to Arjuna Mahendran" considering the chaos he was creating in the Central Bank of Sri Lanka and the overall financial sector by his blatant misuse of power and treasury deal scams. His actions have undermined the entire banking sector and thus have destabilized the entire economy.
ACF wrote to President Maithripala Sirisena earlier this week, highlighting the reasons for our opposition to Mahendran. These points are noted below.
1. Mahendran has acted against the principals of good governance, which were the main selling points of the current administration. He was either directly or indirectly responsible for two controversial Treasury Bond auctions. In one instance, on 27 February 2015, there was an irregularity of Rs 6 billion and on the other there was an irregularity of Rs 7 billion.
2. These irregularities were conducted with the collaboration of Perpetual Treasuries, a company which is owned by his nephew Arjun Aloysius.
3. Mahendran is a citizen of Singapore (work Visa holder of Sri Lanka) and he has demonstrated that he is not able to fully commit to the service of Sri Lanka. Moreover given that he is not a citizen of the country he cannot uphold the artical 61 of the constitution which states that 'A person appointed to any office referred to in this Chapter shall not enter upon the duties of his office until he takes and subscribes the oath or makes and subscribes the affirmation set out in the Fourth Schedule." The fourth schedule states '"I ............................................................. do solemnly declare and affirm / swear that I will faithfully perform the duties and discharge the functions of the office of ........................................ in accordance with the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and the law, and that I will be faithful to the Republic of Sri Lanka and that I will to the best of my ability uphold and defend the Constitution of the Democratic Socialist Republic of Sri Lanka."
4. Mahendran held the position for close to 18 months. This was ample time for him to obtain Sri Lankan citizenship. However he has not done so and he has deliberately misled the President on his visa status.
5. He has also violated the Monetary Law Act by benefitting from holding positions on private foreign companies while holding the position of the head of CBSL.
6. Previously the CBSL followed the open tender process and direct consolidation process when obtaining credit for the government through issuing government bonds. But Mahendran introduced a system which has allowed Primary Dealers to manipulate interest rates, allowing them to amass massive wealth.
7. Mahendran prevented the EPF, a government owned fund from acting as a primary dealer during the Treasury Bond and Treasury Bill auctions allowing a selected group of primary dealers and financial actors to create a monopoly in the market.
8. Mahendran deliberately ensured that selected group of primary dealers and financial actors were able to sell bonds to the EPF in the secondary treasury bond market. This has caused a significant loss to the EPF.
9. Mahendran took all these decisions arbitrarily without informing the Monetary Board, which is the highest body overseeing decisions relating to monetary policy.
10. In the last 14 months, Mahendran was outside the country for 140 days (most of the time on private visits).
11. Abusing state resources. The Central Bank has had to pay for his 28 foreign trips, the maintenance of two residences (although his family lives in Singapore), and extravagant expenses during foreign travel, bending its regulations on funds for such expenses.
Mahendran is not a financial miracle maker, in fact he is the opposite of a miracle maker, he has been a disaster for the stability of Sri Lankan banking system. Moreover most of the Sri Lankans are aware of the behaviour of Mahendran and have opposed his governorship and his continued presence is an existential threat to the survival of the government. Central Bank has a number of Deputy Governors who have the potential of being excellent governors and ACF believe that the President must NOT give him a new term, if he does not wish to see a financial collapse and the end of his government.
පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති අර්ජුන් ඉවත් කරනු! සම්මන්ත්‍රණයේදී වෘත්තීය සමිති, කාන්තා සංවිධාන, තරුණ සංවිධාන සහ සිවිල් සංවිධාන රැසක අත්සනින් යුතුව ජනාධිපතිවරයාට මහජන පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. එහිදී ඔවුන් රජයට බල කර සිටියේ වත්මන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙ සේවා කාලය දීර්ඝ නොකරන ලෙසයි. ඊට අදාළ කරුණු 11 කින් යුතු ලියවිල්ල පහත දැක්වේ.
වර්ෂ 2016 ජුනි මස 15 දින ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය
වර්තමාන මහ බැංකු අධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම මූල්‍ය පනතේ 16 වන වගන්තිය යටතේ ගරු ජනාධිපතිවරයාට, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඉවත් කිරීමට පැවරී ඇති බලතල යටතේ පහත අත්සන් කරනු ලබන ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් වර්තමාන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වන ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා පහත සඳහන් කරුණු මත, සිය ධුරයෙන් වහාම ඉවත් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
01) වර්තමාන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා, වර්ෂ 2015 ජනවාරි 08 වන දා පිහිට වු යහපාලන රජයේ, මුඛ්‍ය වටිනාකම්වලට හා ප්‍රතිපත්තිවලට ඉඳුරා ප්‍රතිවිරුදධව ක්‍රියාකරමින් ශ්‍රී ලංකා රජයට හා එහි ජනතාවට, පිළිවෙලින් රුපියල් කෝටි 6000 ක් හෙවත් රුපියල් බිලියන 06 ක අක්‍රමිකතාවයක් වර්ෂ 2015 පෙබරවාරි මස 27 වන දින ප්‍රකාශයට පත් කරන ලද, වසර 14 ක් සඳහා වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී ද ඉන්පසුව ඊට එරෙහිව ඇති වු මහජන විරෝධය නොතකමින් වර්ෂ 2016 මාර්තු මස 29 දින පැවති බැඳුම්කර වෙන්දේසියේදී ද රජයට හා එකී ජනතාවට රුපියල් කෝටි 7000 ක් හෙවත් රුපියල් බිලියන 07 ක අක්‍රමිකතාවයක් සිදු කිරීමට සෘජුව හා / හෝ වක්‍රව සම්බන්ධවී මූල්‍යමය හා ප්‍රතිපත්තිමය අක්‍රමිකතා සිදු කිරීම.
02) එකී අක්රමිකතාවය සිය බෑණනුවන් වන අර්ජුන් ඇලෝෂියස් මහතාට හිමි ෆර්ෆෙට්රල් ට්‍රෙෂරීස් නැමති සමාගමක් සමග වංක සහයෝගයෙන් යුතුව කටයුතු සිදු කිරීම.
03) අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන තත්ත්වයක් තුළ, මහ බැංකුවේ අධිපති ධුරය දැරිය හැකි රාජ්‍ය නිලධාරියෙක් ලෙස, තම කාර්යය අවංකව, සද්භාවයෙන් හා කාර්යක්ෂමව සිය රටට හා ජනරජයට ඉටු කිරීමට ඔහුට ඇති නොහැකියාව ජනිත කොට තිබේ. ඒ නිසාම ආණුඩු ක්‍රම ව්‍යවස්ථාවේ 61 වන වගන්තිය යටතේ 04 වන උපලේඛනය යටතේ ශ්‍රී ලාංකික ජනරජය ආරක්ෂා කිරීමේ දිවුරුම ලබාදීමට නීතිය ඉදිරියේ නොහැකියාවක් ජනිත කොට තිබීම.
04) පසුගිය වසර එකහමාරක කාලයක් තුළ, ඔහු දැනට දරන සිංගප්පූරු පුරවැසිභාවය ඉවත දමා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගැනීමට හැකියාවක් තිබියදී වර්තමාන රජය ද මෙරටේ ජනාධිපතිවරයා ද නොමග හරිමින් නිවැරදි නොවන වීසා තත්ත්වයක් යටතේ මහ බැංකු අධිපතීත්වය දැරීමට කටයුතු කිරීම.
05) රටේ මහ බැංකුවේ අධිපතීත්වය දරමින්, විදේශීය මූල්‍ය සමාගම් රැසක සාමාජිකත්වය දරමින්, ආදායම් ඉපයීම. එමගින් මූල්‍ය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම.
06) මෙතෙක් ශ්‍රී ලංකා මහ බැංකුව, රජය සඳහා ණය ලබාගැනීමේදී අනුගමනය කරමින් සිටි ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය හා සෘජු ස්ථාපන ක්‍රමවේදය උල්ලංඝනය කරමින්, රජයට ණය ලබාගැනීමේදී ප්‍රාථමික ගණුදෙනුකරුවන් හා (Primary Dealers) මූල්‍ය වෙළඳපොළ ප්‍රමුඛතම ක්‍රියාකාරීන් හට, පොලී අනුපාත අයථා අන්දමින් හැසිරවීමට ඉඩ ලබාදෙමින් එකී ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට හා මූල්‍ය වෙළඳපළ ප්රමුඛ ක්‍රියාකාරීන්ට, අයුතු ධනවත්වීමට හැකියාවක් සහිත වාතාවරණයක් ඇති කිරීම.
07) තෝරාගත් ප්‍රාථමික ගණුදෙනුකරුවන් හා මූල්‍ය වෙළඳපල ප්‍රමුඛතම ක්‍රියාකාරීන් කොටසක් අයුතු ධනවත් කරවීම අරමුණු කර ගනිමින් බැඳුම්කර වෙනේදේසීන් තුළ ඔවුන්ගේ ඒකාධිකාරිය තහවුරු කරනු වස් රජය සතු සුවිශාල අරමුදලක් වන සේවක අර්ථසාධක අරමුදල, බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික ගණුදෙනුකරුවෙකු ලෙස ක්‍රියා කිරීම, චේතාන්විතවම වැළැක්වීම.
08) තමන් විසින් තෝරාගත් ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අනීතික ලෙස ලබාදුන් බැඳුම්කර, ද්විතීක වෙළඳපළ තුළ සේවක අර්ථ සාධක අරමුදලට විකිණීමට සලස්වා, සේවක අර්ථසාධක අරමුදලට චේතනාන්විතවම අලාභ සිදු කිරීම.
09) මෙකී සියලු අක්රමික ප්‍රතිපත්ති තීන්දු තීරණ මූල්‍ය පනත යටතේ පිහිටුවා ඇති ඉහළම ආයතනය වන මූල්‍ය මණ්ඩලයට නොදන්වා එහි අනුමැතියෙන් තොරව ක්රියාකත්මක කිරීම.
10) පසුගිය මාස 14 ක කාලය තුළ දින 140 ක් විදේශගත වෙමින් මහ බැංකුවේ කාර්යයන් කාර්යක්ෂමව හා ඵලදායක ලෙස ඉටු කිරීම චේතනාන්විතවම හා නොසැලකිලිමත් ලෙස අතපසු කර තිබීම.
11) මහ බැංකුවේ අධිපති තනතුර අවභාවිත කරමින් රාජ්‍ය මූල්‍ය අපහරණය කිරීම. 28 වතාවක් විදේශ ගතවීම සඳහා ද රට තුළ පදිංචිවී නොසිටිය ද (සිය පවුල සංගප්පූරුවේ පදිංචිව සිටීයි.) නිල නිවාස දෙකක් නඩත්තු කිරීමට ද, විදේශ සංචාරවලදී අධි සුඛෝපභෝගී හෝටල්වල නැවතී සිටීම සඳහා ද රට අභ්‍යන්තරයේ ගුවන් ගමන් සඳහා ද මහ බැංකුව විසින් මෙතෙක් අනුගමනය කරන ලද මුදල් සීමා නොතකමින් රාජ්‍ය මූල්‍ය හිතුවක්කාරී ලෙස ද අයථා ලෙස ද වියදම් කිරීම. ඉහත තත්ත්වයන් යටතේ වර්තමාන මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරනු ලැබ සිටින ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා රටේ ප්‍රමුඛතම හා රටේ පැවැත්මට අතිශයින් වැදගත්වන්නා වු මෙන්ම මූලෝපායික මර්මස්ථානය වන මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කිරීමට තරම් නොවන්නේ යැයි අප විශ්වාස කරන්නෙමු.
ඒසේම වර්ෂ 2015 ජනවාරි 08 දා පිහිටවනු ලැබු යහපාලන ආණ්ඩුවේ දැක්ම හා අභිලාශයන්ටද වර්තමාන මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාකලාපය ඉඳුරාම පටහැනි වන්නේය. එමනිසා සාධාරණ සමාජයක් ගොඩනැගීම උදෙසා ද ප්රජාතන්ත්රවාදී ශිෂ්ට හා සදාචාරවත් ශ්‍රී ලංකාවක් පිහිටුවීමට කැපවී සිටින ශ්‍රී ලංකා පුරවැසියන් වන අප, ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් නැමති වර්තමාන මහ බැංකු අධිපතිවරයා එකී තනතුරින් ඉවත් කිරීමේ අපේක්ෂාවෙන් අපගේ අත්සනින් යුතුව මෙලෙසින් යොමු කරමු.
Comment