Kanishka Guluwita Victoria 0

Sri Lankan Future Generation for Good Governance

Show your support by signing this petition now
Kanishka Guluwita Victoria 0 Comments
0 people have signed. Add your voice!
0%

ජනතාව අපේක්ෂා කරන සමාජ සාධාරණත්වය, අපක්ෂපාතී අධිකරණ පද්ධතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත කෙරෙන ගෞරවාන්විත ඉල්ලීමකි.

අපි වත්මන් තරුණ පරපුරේ ශ්‍රී ලාංකීයයන් විදිහට අප ජීවිත කාලය පුරාවටම රටේ දේශපාලන පද්ධතිය සහ එහි දේශපාලකයන් ගැන දැඩි කළකිරීමකින් පසු වුනෙමු. අපි කුඩා කල පටන් හැදී වැඩුනේද අපේ තාත්තලා, සීයලා සේම අපේ මුත්තලා ද එකී දේශපාලනය විවේචනය කරනු අසමින්ය. යමක් කමක් තේරෙන වයස පටන් අපේ පරපුරද කළේද ඒයයි. නමුත් අපේ අනාගත පරපුරටද එය එසේ වීමට අපි ඉඩ නොතබමු.

ලාංකීය දේශපාලන පද්ධතියේ තැළී-පෙළී, තෙම්පරාදු වී අතිශය පරිණත මට්ටමක සිටින ඔබ දෙපළට මෙය අමුතුවෙන් මතක් කර දීමට අවශ්‍ය නැත. ඉකුත් ජනවාරි 08 වැනිදා 'පිරිසිදු' ඡන්දයෙන් 'වෙනසක්' බලාපොරොත්තු වූ ජනතාව ලබාදුන්නේ ඔබ දෙපලගේම දේශපාලන දිවියේ අවසාන වරය වීමට බොහෝ ඉඩකඩ ඇත. දින 100 වැඩපිළිවෙල සහ එය දියත් කිරීම සරළ කාර්යයක් නොවන බවත්, එය ඇතැම් විට දින 100 කට එහා දිවයන බවත් අපි දැනටමත් තේරුම්ගෙන අවසන්ය. මෙතෙක් කලක් නොඉවසිල්ලෙන් සිටි ජනතාව, විෂේශයෙන්ම උගත්, සුදුස්සාට-සුදුසු තැන අගයන, සාධාරණ්ත්වය අගයන, රටේ ස්වයිරීභාවය අගයන බහුතරයක් වූ පිරිස, අගමැතිතුමා ප්‍රකාශ කළ පරිදි "පණිවිඩයක්" දී ඇත. එකී වෙනස උදාකරනු වස්, ශ්‍රී ලාංකීය සියළුම ජනතාව වෙනුවෙන් අපි රටේ අනාගතයේ භාරකාරයන් ලෙස, යහපාලනය වෙනුවෙන් සක්‍රීයව සම්බන්ධ වීමට මෙලෙස කැප වෙමු. පරම්පරා ගණනක් දේශපාලකයන් දෝෂාරෝපණය කිරීමට පමණක් සීමා වූ 'සමාජ සම්ප්‍රදාය' වෙනස් කිරීමට පළමු පියවර ගනිමු. ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයේ නිරත වීමට ඉඩකඩක් ඇතත් නැතත්, අපි සියළු දෙනා හට ඒ සඳහා අවශ්‍යතාවයක් නැත්තා සේම, අපි විශ්වාස කරන අන්දමට රටේ යහපාලනය කෙරෙහි සම්බන්ධ වීමට ඊට වඩා සක්‍රීය මාර්ග බොහෝ ඇත. එය, 2015 ජනාධිපති මැතිවරණයට ආසන්නව රටේ මතුවූ විවිධ මානුෂීය ක්‍රියාමාර්ග මැනවින් ඔප්පු කළහ.

පළමුව, මෙවන් පියවරක් තැබීමට අවශ්‍ය පරිසරය සහ ඉඩ ප්‍රස්ථාව සළසා දුන් ඔබ දෙපලට අපේ අවංක ස්තූතිය පළ කරමු. එකී පරිසරයක් තුළ, අප දකිනා ලෙස ඉටුවිය යුතු අතිශය වැදගත් කාර්යයන් කිහිපයක් යෝජනා ආකාරයෙන් පහත පෙළගැස්වීමට කැමැත්තෙමු. මෙම යෝජනා සම්බන්ධයෙන් ඔබ දෙපළගේ අවධානය යොමු වේවායී ප්‍රාර්ථනා කරන අතරම, ඒ සම්බන්ධව ඔබ දෙපළගේ අදහස් දැන ගැනීමටද අපේක්ෂා කරමු.

1.

Share for Success

Comment

Signature

No signatures yet. Be the first one!